දෛනික ජීවන පැවැත්ම
මම ගැන ලියන්නේ අපි ගැන ලියන්න දෙන්නෙක් හෝ ඊට වඩා බහුතරයකගේ සහය ඇතිව කරන කරන වෙබ් අඩවියක් නොවන නිසා මෙය. මම ගැන මේකේ ලියන්නේ මගේ උවමනාවට වඩා ඊමේල් ,ෆේස්බුක් ,කොමෙන්ට්ස් ආදිය හරහා මා හදුනා ගැනීමට උත්සහ කරන පිරිස වෙනුවෙන්. මෙමගින් මම කවුරුන්ද කියා දැනගන්නවාට වඩා මා කොයි ආකාරයේ පුද්ගලයෙක්ද කියා දැන ගැනීමට අවස්තාව ලැබේවි.
දැනට කෙනෙක් සිතනවා හෝ සිතා සිටින්නේ මෙය කරන්නේ ස්ත්‍රියක් විසින් කියා නම් එය වැරදිය. නමුත් යම් කිසි හේතූන් නිසා මා හට එවැනි ස්වරූපයක් පෙනවන්නට කලකදි සිදුවුනි. ඔබ ගමන් කරන බසයේ අසුනක ඇතම් විට මාද ගමන් කර තිබුනා විය හැක. ඔබ සහභාගී වූ මල ගෙදරක ඔබට තේ කෝප්‍ය රැගෙන අවේ මා විය හැක. ඔබට එදා අර වැව් බැම්ම කෙලවරේ මත්වුනු කොලලෝ රන්චුවේ සිටි කොල්ලන් මතකද. එතන මාත් සිටියා විය හැක. අර ඔයාගේ යාළුවගේ වෙඩින් එක දවසේ එයාට නෙළුම් මල් අරන් ආව කෙනා මාතකද? සමහර විට ඒ මම විය හැක. ආ ...කියන්න අමතක වුනා ගමේ පන්සලේ කටින පින්කම දවසේ දාන ශාලවට රිංගලා පොඩි එවුන් එක්ක කිරි හට්ටියක් කැවේ මමද කොහෙද. හැබැයි ඒ වැඩේ හින්දා පොඩිවුන් සෑහෙන්න මගෙත් එක්ක ෆිට් වුනා. කියලා වැඩක් නැහැ උන් ගැන. මොකද උන්ගේ හිතේ යටින් ගේම් නැහැ.
තවත් ඉතින් මන් ගැන පම්පොරිය ගහන්නම්කෝ. වැස්ස ඉවරවෙලා පායන දවස්වල බිම්මල් (හතු) හැදෙනවනේ. ඕවා කඩාන ආවහම අපේ අම්මා ඒවා සුද්ද කරලා උයලා දෙනවා. රස ගැනනම් කිව්වට තේරෙන එකක් නැහැ. කාපු අය නම් දන්නව ඕන්. ඉතින් පෙරේත කමට බිම්මල් හොයන්න කැලේ රිංගලා කහබිලියා ගාලක් කකුලේ පටලවගෙන කකුල කහ කහ mp3 අප්ලෝඩ් කරන්නෙත් මම තමයි. මේ දවස් වල නම් මෙහෙට වහිනවනේ . රැට වැවේ කාවයියෝ ( වැව්වල වෙසෙන මත්ස්‍ය විශේෂයක්) ගොඩ පිහිනනවා. මාළු කොටන කඩුවක් ඇරන් ගියොත් කිලෝ 10 -15 ක් අනිවා ගෙදර ගේන්න පුළුවන්. දුමේ වේලලා ගත්තහම පංකාදු පහයි. මම ඉන්නේ පට්ට පිටිසර තමයි . හැබැයි දැන් මෙහේ ADSL,PEO TV,3.5G වගේ දේවළුත් තියවා. දඩමසුත් තියනවා.(මේවා බොරුවට කියන දේවල් නෙවේ) ඔය සියල්ල අස්සේ අපේ ජීවන වෘත්තිය වී වගාව . එකට නියරවල් රැහලා හලා වපුරන වැඩෙත් කරන්න මම දායක වෙනවා.හවසට කමිසයක් නැතුව පාර අයිනට වෙලා ඉන්න එකත් මගේ දෛනික රාජකාරි වලින් එකක් තමයි. ඔන්න ඔය විදිහට තමයි මගේ සාමාන්‍ය දින ගෙවෙන්නේ.
අධ්‍යාපනික වටපිටාව
මුලින්ම ගියේ ගමේ පාසලට.හැබැයි මොට්ටසෝරි ගිහින් තිබුනේ නැහැ. පන්තියේ හිටියේ ලමයි 32යි . වාර විභාගෙන් මම 32වෙනියා. ඔහොම ගිහින් 2 වසරෙදි යන්තම් 3වැනියා දක්වා කිට්ටු කරා. 3 වසරෙදි ඔන්න වාර 3ම පන්තියේ පලවෙනියා. මේවා ඔටෝ වෙන්නේ . මොකද මම පාඩම් කරනවා කියන දේ කරන්නෙ කොහොමද කියලා තාම දන්නේ නැහැ. ඔහොම කාලය යද්දි දවසක් හක් එක කැඩුනු කලිසමට හැට්ට කට්ටකුත් ගහගෙන බයිසිකල් රිම් එකක් කෝටු කෑල්ලකින් තල්ලු කරගෙන යනකොට ලගපාත ගෙදරක අක්කා කෙනෙක් ඇහුවා හෙට ශිෂ්‍යත්ව විභාගෙ නේද කියලා. අමමට සිරි එතකොට තමා මටත් මතක් වුනේ. ඒ 1992 අගොස්තු මාසේ. මම සුටුස් ගාලා ගෙදර ගිහින් අම්මට කිව්වා. අම්මා ඊට පස්සේ රෙදි මැදලා හදලා දුන්නා. පහුවදා ලියපි ශිෂ්‍යත්වෙ. කෙලලා තියෙන්නේ .මායි තව ගැහැනු ලමයි දෙන්නෙකුයි පාස්වෙලා. දැන් ඉතින් මට කොලීජයකට යන්නත් චාන්ස් එක හම්බ වුනා. කොලීජියේ ගමන උසස් පෙලින් එහාට කලේ නැහැ. එතනින් අවසන් පාසල් අධ්‍යාපනය.
පරිගනක භාවිතය හා අන්තර් ජාල පිවිසුම
මුලින්ම මේ ගැන මෙහෙම කියමු. මම මේ දක්වා පරිගනක ගැන හෝ අන්තර්ජාලය පිල්බඳව කිසිදු පාඨමාලවක් හෝ ඒ සම්බන්ද දැනුමැති පුදගලයන් ඇසුරින් ලද දැනුමෙක් උපයෝගි කර ගනිමින් මෙම තැනට පැමින නැති බව සහතිකව කියමි. (මෙම තැන යනු මහා ලොකු තැනක් නොව ඉතා කුඩා හැකියාවන් ස්වල්පයකින් ගොඩනගා ගන්නා ලද සුළු ස්ථවරයකි)
මුලින්ම මා පරිගනකයක් දුටුවේ ජාතික රූපවාහිනියේ ප්රවෘත්ති තුලිනි. මා හට පලමු පරිගනකට අත ගසන්නට ලැබෙන්නේ 1998 වර්ෂයේදීය. කරුමෙට එය ලැබෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාවයක්ද සමගිනි. මූලිකව පරිගනකයක් යනු කුමක්ද යන්න පිලිබඳව සරල අවබෝධක් එයින් ලබා ගතිමි. එය මාස 4ක් තරම් වූ කාලයකි. නැවත මා පරිගනකයක් භාවිතයට යොමු වන්නේ 2007 වර්ෂයේදීයි. එය මේ ගමනේ ඇරඹුමයි.
2007 වසරේ සිට 2009 දාක්වා කාලය තුල මවිසින් එකතු කරගන්නා ලද විවිධ සිංහල ගීත 17000ක් පමන අන්තර්ජාලය ඔස්සේ බෙදාදීමේ උවමනාව මත videomart95.blogspot.com ආරම්භවේ. පසුව එය www.videomart95.com බවට පත්වේ.තව කියන්නම වටින දේවල් කිහිපයක් තියනවා. මම විඩියෝ ගේම් වලට ආස කරන කෙනෙක් නෙමෙයි. ඉන්ටර්නෙට් තියනවනම් දවසම උනත් කොම්පියුටරේ ගාව ඉන්න පුළුවන්. ඉතින් මුලින්ම ඉනටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්නේ 2007 අවුරුද්දේ. ඒක Dialog CDMA Connection එකක්. ඉන්න කාලෙට තමයි අයවෙන්නෙ. විනාඩියට බදුත් එක්ක රු.1.30 ක් කැපුනා. මාසෙට රු.7500 ක විතර බිලක් සෙට් වෙනවා. ඒක දරන්න අමාරුයි ඒත් විකල්ලපයක් තිබුනෙ නැහැ. පස්සේ අපේ පැත්තට Dialod 3G ආවා. ඊට පස්සේ ඩයලොග් සමාගමේ ඩොන්ගල් එකක් මිලදී ගත්තා 2008 වසරේ. එකේ වැඩේට රු 12500ක් විතර කුඩු කරගත්තා. ගත්ත දවස් වල නම් Dialog සමාගමේ සේවය විශිෂ්ඨ මට්ටමක තිබුනා. පැකේජයට 5GB ලැබුනත් ඒක ඉවරවුනහම ඩවුන්ලෝඩ් වේගය ස්ථාවරව පවත්වාගන්න දවසට ගෙවන්න වුනේ රු 100ක් පමනයි. ඒ දවස් වල රු 100 ගෙවලා දවසට 12GB විතර බාන්න පුළුවන්. පස්සේ Dialog සමාගම ලංකාවේ කොටස් විකුනලා දාලා යන්න ගියානේ. ඊට පස්සේ Dialog සමාගම මිලදී ගත්තේ axiata කියලා හිගන කොම්පැනි එකක්. උන් දැන් 1GB ඩවුන්ලොඩ් කරනවට රු 300ක් අයකරනවා. කොහොමද ඉස්සර වගේ දවසට 12 GB දැන් ඩවුන්ලෝඩ් කලානම් එහෙම දවසෙ බිලම රු 3600ක් විතර වෙනවා. පස්සේ ටෙලිකොම් සමාගමේ 2MB ADSL සම්බන්ධතායක් ලබා ගත්තා. දැන් බාවිතා කරන්නේ ඒක. ඒකත් අන්ලිමිටඩ් නෙවෙයි. (ලංකාවේ කිසිම දුරකතන සමාගමක් අන්ලිමිටඩ් අන්තර්ජාල සම්බන්ධතාවයන් දෙන්නේ නැහැ. ඒක නිසා ඒ බොරුවට අහුවෙන්න එපා.)
මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාම සදහා මාසිකව රු. 14500/= පමන වැයවන අතර වෙබ් අඩවියෙන් ලැබෙන සාමාන්‍ය මාසික අදායම රැ.23000/ පමන වේ. පැමින යන එන සැවොම ගෞරව භුහුමානයෙන් සිහ කරන අතර ඔබ විසින් ලියන සෑම කොමෙන්ටුවක්ම මාගේ ඉදිරි ගමනේ හැඩතල කැටයම් කරනු නොඅනු මානයි. දැන් වෙලාව පාන්දර 2.35යි. නිදියන්න යනවා. මොනවා හරි දැනගන්න ඔනෙ නම් shashinib5@gmail.com එකට ඊමේල් එකක් එවන්න.
තව ගොඩක් දේවල් මේකට දාන්න තියනවා. එවා පස්සේ දාමු. මේක කියෙව්වට පස්සේ කාට හරි අවුලක් තියනවන්ම් එකත් මට එවන්න. අවුලක් නැහැ ලොක්කා . යටින් කොමෙන්ටු දාන්නත් පුළුවන්.
No comments:
Post a Comment